“ද ටෝකින් ලයිබ්රරි” මාසික පොත් කියවීමේ වැඩසටහන සය වැනි වරටත් එළැඹෙන 25 වැනි සෙනසුරාදා සවස 4 සුරිය විලේජ් හිදී පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
ප්රවීන ලේඛක සමන් වික්රමාරච්චි විසින් රචිත නවතම නවකතාව “අප්පච්චි ඇවිත්” මෙවර සංවාදය සඳහා තෝරාගෙන ඇත.
පොත කියවීමට සහ කෘතිය පිළිබඳව අදහස් දැක්වීමට ප්රවීන විචාරක දීප්ති කුමාර ගුණරත්න සහ චිත්රපට අධ්යක්ෂ අසෝක හඳගම, කතුවරයා සමඟ පවත්වනු ලබන කතිකාවට එක් වීමට නියමිතය.
“ද සුරිය විලේජ්” විසින් සංවිධාන කරනු ලබන සංවාදය සඳහා ඔබටත් සම්බන්ධ විය හැකිය.
ස්ථානය: සුරිය විලේජ්, නො. 49, ස්කෙල්ටන් පාර, කොළඹ 5.