මේ මාසෙ 16දින සිට ඊඒපී මණ්ඩලයේ සිනමා ශාලාවලට අළුත් චිත්‍රපටයක් එනවා. ඒක නම් කරලා තියෙන්නෙZOOMකියලා. මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි 3D සිනමා නිර්මාණයක් වීම. ලංකාවේ පළමු 3Dසිනමා පටය ලෙසය මෙය හඳුන්වන්නෙ. මෙය සමීර වක්වැල්ලගෙ අධ්‍යක්ෂණයක්.
"මෙම චිත්‍රපටයHorror එහෙම නැත්නම් අද්භූත ගනයේ චිත්‍රපටයක්.මේකෙ කතාකරනවා ලස්සනට ජීවිතය සහ මරණය සම්බන්ධව.ඒ වේම ආදරය සම්බන්ධව පුළුල් සංවාදාත්මකව කතාකරනවා. ඒත් මේක වානිජ චිත්‍රපටයක්.මේකෙ කතාව නිවුන් දහෝදරියන් දෙදෙනෙකු සම්බන්ධවයි තියෙන්නෙ.අපේ හැමෝගෙම කෙනෙක් මැරිලා තියෙනවනෙ.ඒ මරණය කොහොමද ජීවත්ව ඉන්න අයට බලපාන්නෙ. අපේ ළගම කෙනෙක් නැතිවුනහම අපි කොහොමද ඒක දරාගන්නෙ සහ ඔවුන්ට මරණයෙන් මතු අපි විසින් ලබාදෙනවා ජීවිතයක් . උදාහරණයක් විදිහට සොහොනක් කියන්නේ ජීවත්ව ඉන්න අයගෙ ආශාවන් ටිකක් පමණයි. එහි කිසි ජීවිතයක් නැහැ."
මෙම චිත්‍රපටයේ හේමාල් රණසිංහ,ශේෂාද්‍රි පි්රයශාද් සමග දිනක්ෂී ප්‍රියශාද් ප්‍රධාන චරිත මවන අතර මෙහි ගායනා නිරෝෂා විරාජිණි සහ අදීෂ ජයවීරගෙනි.සංගීතය රවිහාන්ස් වැටකෙපොත.කැමරා උපදේශ කල්හාර වක්වැල්ලගෙනි. කැමරාකරණය හර්ෂණ කරුණාතිලකගෙනි.
අධ්යක්ෂවරයා මාධ්‍ය දැක්මේදී
ZOOM රූගත කිරීම් අතරතුර