කලාකරුවන් සඳහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ලබන වසරේ ජනවාරි මස 8 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය පවසයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පදවි ප්රාප්ති සැමරුම් දිනය යෙදෙන ජනවාරි මස 08 වැනිදා එම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්ය.
මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් රුපියල් ලක්ෂ 444ක මුදලක් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙත ලබා දීමට එකඟතාව පළකර ඇති බව එහි සභාපති කීර්ති මාවැල්ලගේ මහතා පවසයි.
ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිලාභී කලාකරුවන් පිරිස තෝරාගැනීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වයස අවුරුදු 23 සිට 55 දක්වා වන කලාකරුවන්ට දායකත්වය ලබාගත හැකි අතර පළමුව මෙයට දායක වන කලාකරුවන් හට ප්රතිලාභ ලබන පළමු දිනයේදී රුපියල් 50,000ක විශේෂ දීමනාවක් ද ලබාදෙන බව සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා කියා සිටියේය.
කලාකරුවන් බඳවා ගැනීම වෙනුවෙන් වන අයදුම්පත් ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී වෙතින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ culturaldept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ බත්තරමුල්ල, සෙත්සිරිපාය, 08 වන මහලෙහි පිහිටි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැමිණ හෝ ලබා ගත හැකි වේ.