“ස්ටෙප් අප්” නර්තනමය සිනමාපටය තුලින් ජනාදරයට පත් ප්රකට හොලිවුඩ් රංගන ශිල්පී යුවල චැනින් ටේටම් සහ ජෙනා ඩෙවාන් වසර නමයක් දිගු විවාහ දිවිය නිමාවට පත් කිරීමට තීරණය කර තිබේ.
දික්කසාදය පිළිබඳව නිවේදනය කරමින් ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ “කිසිදු රහසක් හෝ ලිංගිකමය කරුණක්” තීරණයට හේතු නොවන බවයි.
එසේම මෙම වෙන්වීම ඉතාමත් ආදරණියව සිදුවන එකක් බව ද ඔවුන් පවසා ඇත.
2006 දී නිර්මාණය වුණු “ස්ටෙප් අප්” සිනමාපට දර්ශන තලයේදී මුණ ගැසුණු චැනින්,ජෙනා යුවල 2009 දී විවාහ දිවියට ඇතුලත් විය.
මොවුන් දෙදෙනාට සිව් හැවිරිදි දියණියක් සිටින අතර දෙමාපියන් ලෙස ඇය පිළිබඳ සියලු වගකීම් ඒ ආකාරයෙන්ම ඉටු කරන බව ට චැනින් ජෙනා යුවල වැඩිදුරටත් පවසා තිබේ.