දශක තුනකට අධික කාලයක් පටන් සෞදි ආරාබිය තුළ සිනමාශාලා තහනම් කරමින් පනවා තිබු නීති 2018 වසර මුලදී ඉවත් කිරීමෙන් පසු ප්‍රථම වතාවට රියාද් අගනුවර සිනමාශාලාවක් විවෘත කිරීමට නියමිතය.
විවෘත කිරීම අප්‍රේල් 18 වැනිදා සිදු කරන බව බලධාරීහු පවසති.
ඉදිරි පස් වසර තුලදී සිනමා ප්‍රදර්ශන ශාලා 40 ක් මහජනයා වෙනුවෙන් විවෘත කිරීම සඳහා AMC එන්ටර්ටේන්මන්ට් හෝල්ඩින්ග්ස් සමාගම සමඟ පැවති සාකච්ඡා වලින් අනතුරුව ඊයේ දින (4) ඔවුන් මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව රියාද් හි පැවැත්වෙන ප්‍රථම ප්‍රදර්ශනය මාවල් සුපිරි වීරයන්ගේ චිත්‍රපටයක් වන “බ්ලැක් පැන්තර්” බව වාර්තා වේ.
මිලියන 32 කට අධික ජනගහනයක් සෞදියේ වාසය කරන අතර ඉන් බහුතරයක් වයස අවුරුදු 30 ට අඩු පිරිසක් වේ.
වර්ෂ 2030 වනවිට සිනමාශාලා 350 ක් ඔවුන් වෙනුවෙන් ඉදිකිරිම සහ ඩොලර් මිලියන 1 කට ආසන්න වාර්ෂික බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගැනීම සෞදි රජයේ බලාපොරොත්තුවයි.