වඳවීමේ තර්ජනයට ලක්ව සිටි මුව වර්ගයක් 1998 වසරේ දී දඩයම් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන් එරට අධිකරණයක් විසින් වරදකරු කර තිබේ.
“බ්ලැක් බක්ස්” නමින් හැඳින්වෙන ආරක්ෂිත ඇන්ටිලොප් වර්ගයට අයත් මුවන් දෙදෙනකු ඔහු මරා දමා තිබුනේ බටහිර රාජස්ථාන් ප්රදේශයේ සිනමාපටයක් රූපගත කරන අවස්ථාවකදී ය.
අධිකරණ තීන්දුව අනුව සල්මාන්ට වසර හයක කාලයක් සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත.
නමුත් ඊට එරෙහිව ඔහුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකිය.
සල්මන් ඛාන් සමඟ “හම් සාත් සාත් හේ” සිනමාපටයට දායක වූ සයිෆ් අලි ඛාන්, තාබු, සොනාලි බෙන්ද්රේ සහ නීලම් යන නළු නිලියන්ට ද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.
කෙසේ වෙතත් ජෝඩ්පුර් අධිකරණය විසින් ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබේ.
“හම් සාත් සාත් හේ” සිනමාපටය රූ ගත කිරීම් අතරතුර වනසතුන් දඩයම් කිරීම ගැන සල්මාන් ඛාන් ට එරෙහිව ගොනු වූ සිව් වැනි නඩුව මෙය වේ.