අදට යෙදී තිබෙන ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ 99 වන ජන්ම දිනය නිමිත්තෙන් ආචාර්යවරයා මුණගැසීමට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඔහු වෙත නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමින් සිය ජන්ම දින සුබපැතුම් පිළිගන්වා තිබේ.
අනතුරුව මහා සිනමාවේදියාගේ සුවදුක් විමසමින් සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් සමග එක්ව කේක් කපා ජන්ම දිනය සැමරූ බව ජනපති මාධ්‍ය ඒකකය පවසයි.
දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඉටු කළ මෙහෙවර අගයමින් ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සදහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත පිළිගන්වූ බවත් වැඩිදුරටත් ජනපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.