සෞඛ්යාරක්ෂිත නොවන ආකාරයෙන් පච්චා කෙටීම හේතුවෙන් එච්.අයි.වී. ආසාදනය ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඞ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේ 2015 වර්ෂයට සාපේක්ෂව ගතවූ වර්ෂයේ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇති බවයි.
පච්චා කෙටීමේ කර්මාන්තය සඳහා මෙරට තුළ කිසිදු නියාමනයක් නොමැති වීමෙන් ගැටලු රැසක් මතුව ඇති බව මීට පෙර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයද පෙන්වාදි තිබුණි.
එසේම මෙම කේෂත්ර යේ නියැලේන ඇතැම් පිරිස් නිසි උපකරණ හෝ උපදෙස් මත මෙම කර්මාන්තයේ නොයෙදීම හේතුවෙන් පුද්ගලයන් මන්ම නිදන්ගත රෝගී තත්ත්වයන්ට ගොදුරු වන බවද එම සංගමය පෙන්වා දී තිබුණී.