රන්මිණිතැන්න විකිණීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් දේශපාලන වශයෙන් බංකොළොත් පිරිස් වැරදි ප්‍රචාරයන් ගෙන යන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (04) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
කොළඹ සිට රන්මිණිතැන්නට ඇති දුර ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් එම ස්ථානය කලා කටයුතු සඳහා යොදා ගැනීමේ අඩු ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ වුව ද එම ස්ථානය කලාකරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් ලෙස සකස් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
මේ පිළිබඳ 'කලා පවුර' නම් සංවිධානය විසින් මාධ්‍ය හමුවකදී පවසා සිටියේ රන්මිණිතැන්න විකිණීම සඳහා කටයුතු කරමින් සිටින බවත් ඊට එරෙහිව සියුලු කලාකරුවන්ට එකරාශීවන ලෙසද ඔවුන් ඉල්ලා සිටියේය.
සබැඳි පුවත්