2015දී ඒකාධිපති පාලනය පෙරළා දමා සුදුවෑන් සංස්කෘතියෙන් රට බේරාගෙන ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට බුද්ධිමත් කලාකරුවන් ඒකරාශී වී ගමින් ගමට ගොස් ජනතාව දැණුවත් කර පොදු අපේක්ෂයා දිනවන්න වැඩ කළේය.
ඒ පත්කරගන්නා ලද පොදු අපේක්ෂකයා මේ රටේ ප්රජාතන්ත්රවාදය අමු අමුවේ මරා දමමින් සිටින මොහතෙක නැවතත් ඒ බුද්ධිමත් කලාකරුවන්ට යළිත් සටන් බිමට අවතීරණ වන්නට සිදුව තිබේ.
14දින එක අරමුණක් එක පෙරමුණක් මැයෙන් දිදුලන හදවත සංවිධානය විසින් කොළඹ දී රැුස්වීමක් කැඳවා තිබින. ම්ලේච්ඡත්වයට සහ බලය ලබා ගැනීමේ කුමන්ත්‍රණයට එරෙහිව එක් වෙමින්මෙහිදී කලාකරුවන් මාධ්‍යවේදීන් මෙන්ම සමාජ ක්‍රියාකාරීන් ද එක්ව සිටියහ.
මෙහිදී වෘත්තීයවේදීන් කලාකරුවන් සහ මාධ්‍යවේදීන් ප්රජාතන්ත්රවාදයේ අයිතිය වෙනුවෙන් කතා කළහ.