මිකී මවුස් නොදන්න කෙනෙක් ඉන්න පුළුවන් ද මේ ලෝකෙ. මිකී ට මේ මාසෙ 18වෙනිදට අවුරුදු 90ක්.
1928 නොවැම්බර් 18 වෙනිදා දවසකදි තමයි Steamboat Willie කියන කාර්ටූන් වැඩ සටහනින් මිකී මවුස් ජනතාව අතරට ආවේ.Walt Disney සහ Ub Iwerks තමයි වෝල්ට් ඩිස්නි සමාගම වෙනුවෙන් මිකී මවුස් නිර්මාණය කරන ලැබූවෙ.රතුපාට කලිසමත් කහපාට විශාල පාවහන් දෙපලත් සුදුපාට අත් වැසුමුත් මිකී මවුස් ගේ කැපී පෙනන විලාසිතාවයි.
මිකී ව ලෝකප්රසිද්ධවන්න ඔහුට හඩ කවපු අයත් ප්රබල හේතුවක් වුනා. මේ තමයි මිකී ට හඩ කවපු අය.
Walt Disney (1928–1966),Carl W. Stalling (1929),Clarence Nash (1934),Jimmy MacDonald (1947–1977),Wayne Allwine (1977–2009)[1],Les Perkins (1986–1987) Bret Iwan (2009–present),Chris Diamantopoulos (2013–present).
එයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ් මිනී මවුස් (Minnie Mouse) යාලුවො පිරිසකුත් ඉන්නවා ඒ ප්ලූටෝ(Pluto,) ඩොනල්ඩ් ඩක්(Donald Duck ) සහ ගූෆි(Goofy).
මේ සියල්ල නිර්මාණය වූයේ මිනිස් මනසිනි. නිර්මාණ කරුවාට වඩා අද ලෝකයක් වසගවී සිටින්නේ මේ කාර්ටූන් චරිතය වෙතය. මිකී විටෙක පේ්රක්ෂකයන් හඩවයි. විටෙක සිනහා සයුරේ ගිල්වයි.
මිකී තවක් වසර ගණනාවක් පරම්පරා ගණනාවක් යනතුරු ලෝකයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගනු නිසැකය.
ලොව වටා මිකී මවුස් රසිකයින් සහ වෝලට් ඩිස්නි සමාගමද එකතුව මිකී මවුස් ගේ 90වැනි උපන්දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට නියමිතය