කීර්ති පැස්කුවල් අසූව දශකයේ නිර්මාණය වුණු අදටත් අප රසවිඳින ගීත බොහොමයකට වාදකයකු ලෙස දායකත්වය ලබා දුන් සංගීතඥයකු වූ ඔහුගේ සංගීත දිවිය දැන් දශක හතරක් ඉක්මවා තිබෙනවා.
ගායක ගායිකා සංගමයේ වත්මන් සභාපතිවරයාද වන කීර්ති ප්‍රවීණයකු ලෙස නව පරපුරට තිළිණ කරන සිය අලුත්ම ගීත නිර්මාණය හිත කොහේදෝ ගිහින් පසුගියදා රූප රචනාවක් ද සමගින් එළි දැක්වූවා.
මෙහි පදරචනය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සමන් දිසානායක යන කීර්තිගේ පාසල් කාලයේ මිත්‍රයෙක් ගෙ . සඳරුවන් ජයසිංහ කියන නව පරපුරේ සංගීත අධ්යක්ෂවරයා තනුව සහ සංගීතය නිර්මාණය කර තිබෙනවා.
මෙසේ පටිගත වුණු ගීතය එළියට එන්නේ අපූරු රූප රචනාවක් ද සමගින්.
‘‘මගේ අවශ්‍යතාව තිබෙන්නේ මේ ක්ෂේත්රයේ අලුත් යමක් කරන්න. ඒ සඳහා මම යාවත්කාලීන විය යුතුයි. අපිට හැමදාම යල්පැන ගිය සින්දු ටිකෙන්ම අපේ ගමන යන්න බැහැ. කඳුළ ඉතින් සමාවෙයන් තව දවසක් යන ගීත දෙකෙන් මම නව පරපුරත් එක්ක නැවත වාරයක් බැඳුණා.
සිය නවතම ගීතය එලිදැක්වීම පිළිබඳ අදහස් දක්වමින් කීර්ති පැස්කුවල් මාධ්‍යවෙත එසේ ප්‍රකාශ කළා.
මෙම ගීතයේ නර්ථන වින්‍යාසයන් නිර්මාණය කර ඇත්තේ චන්න විජේවර්ධන.මෙහි පෙනී සිටින්නෙ චන්නගේ දක්ෂම ශිෂ්‍යාවක් වන ඉවෝන් .
මේ ගීතයට රූප රචනාව නිර්මාණය කර තිබෙන්නේ 360 නිෂ්පාදන ආයතනයේ සමින්ද සහ බුද්ධික.බදුල්ලේ පස්සර මඩොල්සිම ප්‍රදේශයේ ඇති පුංචි ලෝකාන්තය තමයි මෙහි දර්ශණ පසුතලය.
මෙම ගීතය ත්‍රිමාණ තාක්ෂණයෙන් නැරඹිය හැකියි.කීර්ති කියන ආකාරයට ලංකාවේ පළමු වතාවට තමයි මෙලෙස 3D තාක්ෂණයෙන් රූප රචනාවක් සහිත ගීතයක් එළි දක්වලා තිබෙන්නෙ. මෙහි හඬ පටය පටිගත කර තිබෙන්නේ 8D තාක්ෂණයෙන්.