සුනිල් දයානන්ද කෝනාර සංගීතඥයකු සහ ගී පද රචකයෙකි. සුනිල් එදිරිසිංහ විසින් ගයන 'මහ වැස්සක් බිමට හෙළා නිදහස් වූ අහසක් සේ' කරුණාරත්න දිවුල්ගනේ ගයන' ගමට කලින් හිරු', 'සුදු පාට මල් පිපුණූ' ආදී ගී වල සොඳුරු නිමැවුම්කරුවා ඔහුය.
දෙවසරකට පෙර දිවියෙන් සමුගත් සුනිල් දයානන්ද කෝනාර නම් වූ සංගීතවේදියා ඇගයීමේ උපහාර උත්සවයක් ලබන 24 දා සවස 6.00ට ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ සුනිල් දයානන්ද කෝනාර එළිමහන් රංග පිඨයේදී පැවැත්වේ.මෙම උපහාර උත්සවය සංවිධානය කරනු ලබන්නේ සියපත මිතුරු එකතුව විසිනි.
වසර තිහකට වැඩි සේවා කාලයක් ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ සංගීත ගුරුවරයා ලෙසින් සේවය කළ සුනිල් දයානන්දයන් 1951 ජූලි 12 දා උපන් ඉපදී ඇත්තේ දඹදෙණිය මුතුගල ගමේය. මුතුගල කනිෂ්ඨ විද්‍යාලයෙන් ද පසුව දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙන්ද ඉගෙනුම ලැබූ ඔහු උසස් පෙළ හදාරන ලද්දේ නාරම්මල මයුරපාද පිරිවෙනෙනි.
රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සුනිල් දයානන්දයන් ගුරුවරයකු කටයුතු කළ ඔහු පාසල් කිහිපයකම සේවයේ යෙදී සිට ගිරිඋල්ල මධ්‍ය මහා විද්‍යාලයට පත්වී එන්නේ 1982වසරේදීය. ඔහු රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ සමකාලීනයන් වන්නේ රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, බන්දුල විජේවීර, මාලනී බුලත්සිංහල යන ශිල්පීන්ය.
සුනිල් දයානන්දයන්ගේ නිර්මාණ පිළිබඳ විමසුම් දෙසුම පවත්වනනේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්.හේරත් මහතා. එමෙන්ම මෙදිනට "සුනිල උත්පල" නමින් කෘතියක් ද ජනගත වීමට නිමිත අතර සුනිල් විසින් රචනා කරන ලද සංගීතවත් කරන ලද ගී නිර්මාණ කරුණාරත්න දිවුල්ගනේ, ක්‍රිශාන්ත එරන්දක, හර්ෂණ දිසානායක, කරුණාරත්න විජේවර්ධන ආදී ශිල්පීන් විසින් ගයනු ලැබේ. මෙම උත්සවයේ සංගීතය මෙහෙයවනු ලබන්නේ විශාරද රෝහණ ධර්මකීර්ති විසිනි.