ඇද වැටෙන්න යන ප්රපාතයෙන් රට ගොඩගන්න එක්වන්න
ඇද වැටෙන්න යන ප්රපාතයෙන් රට ගොඩ ගන්න එක්වන මෙන් ප්රවීන රංගවේදී ලක්ෂ්මන් මෙන්ඩිස් සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
වර්තමානය වනවිට මෙරට ප්රජාතනත්රවාදයට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් කම්පාවට පත් වී ඇති බවත් එකී තත්වයෙන් රට මුදවා ගන්නේ කෙසේද යන වග සියලු දෙනාගේ කතාබහට මුල් වී ඇති බවත් ඔහු පවසයි.
කලාකරුවන් සහ විද්වතුන් සහභාගිත්වයෙන් දෙසැම්බර් 6 වැනිදා සවස 4 ට විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට නියමිත “යුක්තියේ හඬ” සමඟින් එක්ව අපේ රට ඇද වැටෙන්න යන ප්රපාතයෙන් ගොඩ ගැනීම සඳහා පියවරක් ඉදිරියට තබන මෙන් ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටියේ ය.
තවත් කලාකරුවන් පිරිසක් සිය අදහස් දැක්වූ එම වීඩියෝව පහතින්,