දකුණු ආසියා මානව හිමිකම් සිනමා උලෙළ දෙැසම්බර් 05 වැනිදායින් ආරම්භ වේ. එය එදින සිට දින පහක් පුරා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙනු ඇත.
මේ සිනමා උලෙළ අග්නි ජාත්‍යන්තර සංවිධානය සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙන් සංවිධානය කර තිබේ. උලෙළ නොමිලයේ පැවැත්වෙන අතර සෑම චිිත්‍රපට දර්ශනයකම එයට අදාළ අධ්යක්ෂවරුන් සහ නළු නිළියන් සහභාගි වන බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.
උලෙළේ සිනමාපට තිරගත වන පිළිවෙළ මෙසේය.
A Letter To president -Roya Sadat අධ්‍යක්ෂණය කරන ලද A Letter To president මෙම චිත්‍රපටය 90 වැනි ඇකඩමි සිනමා උළෙලේ හොඳම විදෙස් චිත්‍රපටය වෙනුවෙන් ඇතූළත් කරනු ලැබුවද එය තේරීපත්නොවූ අතර විචාරකයන්ගේ අවදානයට සහ පැසසුමට ලක්වූ චිත්‍රපටයකි.මෙම චිත්‍රපටය දෙසැම්බර් 05 වැනිදා සවස 5 ට ප්‍රදර්ශණය කෙරේ.
Salam - පාකිස්තානය දෙසැම්බර් 06 වැනිදා සවස 5 ට - -
Under Construction--Rubaiyat Hossain අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය බංගලාදේශ ජාතික සිනමා උළෙලලේ හොඳම වේෂ නිරූපණයට සහ තිර රචනයට සම්මාන හිමිව තිබේ. දෙසැම්බර් 07 සවස 5 ට ප්‍රදර්ශණය කෙරේ.
Court -Chaitanya Tamhane අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ඉන්දියානු ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන දිනාගත් අතර තවත් සම්මාන රැසක් විවිධ සම්මාන උළෙලයන්හිදී දිනාගෙන ඇත.දෙසැම්බර් 08 වැනිදා සවස 05 ට Court ප්‍රදර්ශණය කෙරේ.
The White Sun- Deepak Rauniyar අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය දෙසැම්බර් 09 වැනිදා සවස 05 ට ප්‍රදර්ශණය කෙරේ.