බ්‍ර්තාන්‍ය පුවත් පත් මාධ්‍යවේදිනියක් වූ Clare Hollingworth පසුගියදා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
1939 වසරේදී ආරම්භ වූ දෙවන ලෝක යුද්ධය ආරම්භවී ඇති බවට ප්‍රවෘත්තිය ප්‍රථම වරට Clare Hollingworth විසින් ලෝකයට ගෙන ඒම විශේෂත්වයක්.
දෙවන ලෝක යුද්ධයේ ආරම්භය වූ 1939 වසරේ දී ජර්මන් හමුදා පෝලන්ත දේශසීමාව ආක්‍රමණය කිරීම ප්‍රථමවරට දැක ප්‍රථම වරට ප්‍රවෘත්තිය ගෙනඑන විට ඇය බ්‍රිතාන්‍යයේ Daily Telegraph's පුවත්පතේ ආධුනික මාධ්‍යවේදිනියක ලෙස කටයුතුකර ඇති බව සදහන්.
තම ජිවිතයේ අවසන කාලය හොංකොංහි දිවි ගෙවූ Clare මියයන විට 105 හැවිරිදි වියේ පසුවූණා.