ස්වර්ණා මල්ලවාරච්චි රංගන දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් 2017 වසරේ ජනවාරි 22-26 දක්වා ඇය රඟපෑ චිත්‍රපට සමග සිනමා උලෙළක් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ "තරංගනී" සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ජ්‍යෙෂ්ඨ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය.
ඒ මහතා මෙ බව පවසා සිටියේ ඡාතික චිත්‍රපට සංස්ථාවේ දී පසුගියදා (10) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එම උලෙළේ අවසන් දිනය වන ජනවාරි 26 වැනිදා ඇයට උපහාර පිදීමේ උලෙළක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
'දුර්ලභගනයේ පරමාදර්ශයක්'
එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ සිනමානළු ජැක්සන් ඇන්තනී.
‘මෙම චිත්‍රපට නැවත පෙන්වීම සහ මේ පිළිබඳ නව විචාරයක් ඇතිවීම අනාගතවාදී ක්‍රියාවක්. ඒ වගේම ඇයට සිදුකරනු ලබන මහත් ගෞරවයක්.
මේ ප්රතිභාපුරණ රංගන ශීල්පිනිය ශ්‍රී ලංකාවට දුර්ලභගනයේ පරමාදර්ශයක්. ඒ වගේම ඇයගේ රංඟන ප්‍රතිභාවයන් වර්තමාන පරපුර යළි යළිත් බැලීම වැදගත් වනවා.
අද ලංකාව තුළ විශාල නිරූපණ කාර්ය භාරයක් සිද්ධවුණාත් ස්වර්ණාගේ සුවිශේෂි රංඟ භාවිතය සමඟ සන්සන්ඳනය කරනවිට ඉමහත් ලෙස අඩුලුහුඬුකම් අපි දකිනවා සහ අපිට දැනෙනවා. වාර්තමාන සිනමා සමාජය මෙය දැකිය යුතුයි අප විසින් පුරවාගත යුතු සකස්කරගත යුතු නැවත නැවතත් සකස් කර ගත යුතු අඩුලුහුඬු කම් රාශියක් තිබෙනවා. එන්න ස්වර්ණාගෙන් ඉගෙන ගන්න. ඇගේ රංඟ භාවිතය හදාරන්න යනුවෙන් ඔහු අදහස් දක්වා සිටියේය.
එසේම මෙම අවස්ථාවට එක්වු එහි කමිටු සාමාජීක දීප්ත බණ්ඩාර ප්‍රවීණ සහිත්‍යධර බුද්ධි ගලප්පත්ති සහ ස්වර්ණාගේ දියණිය වන නරේන්ද්‍රා බණ්ඩාරනායකද මෙහිදී අදහස් දක්වා සිටියේය.
එසේම මෙම සිනමා උලෙළෙ ප්‍රවේශපත්‍ර ජාතික චිත්‍රපට සංස්ථා කාර්යාලයෙන් ජනවාරි 15 වනදා සිට නොමිලේ ලබා ගැනීමේ හැකියාව පවති.
ඡායාරූප - තුසිත සිංහකුට්ටිආරච්චි
සබැඳි පුවත්
‘සිනමාවේ ගැහැණිය’ පනස් වසරක සිනමා අභිමන