“නිදහසේ පියා DS” CSR විද්වත් සිනමා කතිකාවට
සමාජය හා සාමයික කේන්ද්‍රයේ (CSR) මාධ්‍ය ඒකකය විසින් සංවිධාන කරන සිනමා කතිකාව මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
“නිදහසේ පියා DS” චිත්‍රපටය මෙවර ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එම වැඩසටහන පෙබරවාරි 23 වැනි සෙනසුරාද දහවල් 1 ට ආරම්භ කිරීමට නියමිත යි.
ආචාර්ය එඩ්වින් ආරියදාස, ප්‍රියන්ත කොඩිප්පිලි, අජිත් ගලප්පත්ති සහ කුසුම්සිරි විජේවර්ධන මෙවර සංවාද මණ්ඩපයේ අසුන් ගනු ඇත.
නුවන් ජූඩ් ලියනගේ විසින් සංවාදය මෙහෙයවන අතර සිනමාපටය නරඹා ඒ පිළිබඳ විද්වත් සංවාදයකට එක් වීමට කැමති අයෙක් වේ නම් එදිනට සහභාගී වන ලෙසට සංවිධායකයින් ආරාධනා කර සිටියි.