"ගින්නෙන් උපන් සීතල" ඉන්දියාවේ බැංගලූර්හීදී හවුස් ෆුල්...
"ආසියානු තරඟ අංශය" යටතේ 11 වෙනි බැංගලූර් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන "ගින්නෙන් උපන් සීතල" සිනමාපටයේ පළමු මහජන දර්ශනය අද සවස 3.30ට එහි අධ්යක්ෂක අනුරුද්ධ ජයසිංහගේ ප්රධානත්වයෙන් බැංගලූර්හී PVR සිනමා ශාලා සංකීර්ණයේදී පැවැත්වුනි. මෙරටදී "හවුස්-ෆුල්" පුවරුව කිහිප අවස්ථාවකදී අත්පත්කර ගත් "ගින්නෙන් උපන් සීතල" , බැංගලූර් උළෙලේදීද පළමු මහජන දර්ශනයේ සියලුම ආසන ප්රේක්ෂකයින්ගෙන් පිරවීමට සමත් වීම විශේෂත්වයකි. අද දින බැංගලූර්හිදී ඉහළම මහජන ප්රතිචාර ලද "ගින්නෙන් උපන් සීතල" එළඹෙන 25 සදුදා උදෑසන 10.00ට මහජනතාව උදෙසා යළිත් වරක් ප්රදර්ශනය කෙරේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි