ලොව උසම ගොඩනැගිල්ල “බර්ජ් කලීෆා” මෙරට ජාතික ධජයෙන් සැරසෙයි
පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය පිරිස සිහිපත් කරමින්, සිය කණගාටුව පළ කරනු පිණිස ඩුබායි හි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා බ්‍රහස්පතින්දා (25) රාත්‍රියේ මෙරට ජාතික ධජයේ වර්ණවලින් ආලෝකමත් වුණා.
සාධාරණත්වය සහ සහජීවනයෙන් යුත් ලොවක් කරා යන ගමනේ මැයින් සටහනක් එක් කරමින් බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ නිළ ට්විටර් ගිණුම මේ බව ප්‍රකාශ කර තිබුණා.
මිට අමතරව එමිරේට් මාලිගය, ෂෙයික් සායඩ් පාලම, ADNOC ගොඩනැගිල්ල, කැපිටල් ගේට් කුළුණ වැනි අබුඩාබි නුවර පිහිටි සුවිශේෂී ස්ථාන කිහිපයක් ද ශ්‍රී ලංකා ධජයේ පැහැයෙන් වර්ණවත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.