මීළඟ ජේම්ස් බොන්ඩ් දුෂ්ටයා “රමී මලික්”
25 වැනි ජේම්ස් බොන්ඩ් සිනමාපටයේ දුෂ්ටයාගේ චරිතයට ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පී රමී මලික් පණ පෙවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජැමෙයිකාවේ පැවති එළිදැක්වීමේ උත්සවයක දී තවම නමක් තබා නැති මෙම චිත්‍රපටයේ නළු නිළියන් සහ නිර්මාණ කණ්ඩායම පිළිබඳ අනාවරණය කෙරුණු අතර සිනමාපටයේ තිර රචිකාවක ලෙස කටයුතු කරන ෆීබි වොලර් බ්‍රිජ් ද එය තහවුරු කර තිබේ.
එළඹෙන අප්‍රේල් මස තිරගත කිරීමට නියමිත මේ චිත්‍රපටය රංගන ශිල්පී ඩැනියල් ක්‍රේග්ගේ පස්වැනි මෙන්ම අවසන් බොන්ඩ් චිත්‍රපටය වනු ඇත. ලශානා ලින්ච්, බිලී මග්නුසෙන්, ඇනා ද අර්මාස්, ඩාලි බෙන්සලා, ඩේවිඩ් ඩෙන්කික් මෙහි සෙසු චරිත සඳහා පණ පොවනු ලැබේ.
25 වැනි බොන්ඩ් සිනමාපටයේ අධ්‍යක්ෂණය කැරී ජෝජි විසින් සිදු කරන අතර තිර රචනය ෆීබි වොලර් බ්‍රිජ්, නීල් පර්විස්, රොබර්ට් වේඩ් සහ ස්කොට් බර්න්ස් විසිනි.