ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමයි
ඇවෙන්ජර්ස් සිනමාවලියේ අවසන් චිත්‍රපටය “ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම්” ලොව පුරා ප්‍රදර්ශනයෙන් පළමු දින දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 644ක ආදායම් වාර්තාවක් තැබීමට සමත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටය පසුගිය වසරේ දී තැබූ ඩොලර් මිලියන 641 ක එළිදැක්වීමේ ආදායම් වාර්තාව ඉක්මවා යාමට “එන්ඩ් ගේම්” සමත් වුණා.
එසේම රටවල් රැසක එළිදැක්වීමේ දී වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය “ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම්” බවයි පැවසෙන්නේ. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, තායිලන්තය, නෙදර්ලන්තය, මැලේසියාව, එක්සත් රාජධානිය මේ අතරට අයත්.
එසේම පළමු දින තුන තුළ චීනය ඩොලර් මිලියන 217 ක්, පළමු දිනය තුළ උතුරු ඇමරිකාව ඩොලර් මිලියන 156.7 ක් ලෙස ද ආදායම් ලබා තිබෙනවා.
“ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම්” පසුගිය 26 වැනිදා පටන් ලොව පුරා තිරගත කිරීම ආරම්භ වූ අතර මෙරට උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් සිනමාපටය එළිදැක්වීම මැයි 3 වැනිදා දක්වා කල් දැමුණි.