විලාසිතා දැක්මේ දී ඇද වැටීමෙන් නිරූපණ ශිල්පියෙක් මියයයි
සාඕ පාවුලෝ විලාසිතා සතියේ නිරූපණය කරමින් සිටින අතරවාරයේදී ඇදගෙන වැටීමෙන් 26 හැවිරිදි නිරූපණ ශිල්පියෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
Ocksa වෙළඳනාමය වෙනුවෙන් ඉදිරිපත් කිරීම් කරන අතරතුර මියගොස් ඇත්තේ Tales Soares නම් නිරූපණ ශිල්පියා ය. ඔහු රෝහල වෙත රැගෙන ගිය ද බේරා ගැනීමට නොහැකි ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නරඹන්නන් මුලදී සිතා ඇත්තේ එය විලාසිතා දැක්මේ තවත් එක් අංගයක් බවයි. කෙසේ වෙතත් අනෙකුත් නිරූපණ ශිල්පින් හැකි ඉක්මනින් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.
මරණයට හේතුව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.