Sports Illustrated සඟරාව වෙනුවෙන් බුර්කිනිය ඇඳි පළමු කත “හලිමා ආඩෙන්”
සෝමාලි-ඇමරිකානු ජාතික හලිමා ආඩෙන්, Sports Illustrated නම් ප්රකට ක්රීඩා සඟරාවේ මුල් කවරය සඳහා හිජාබය සහ බුර්කිනිය ඇඳ පෙනී සිටි පළමු නිරූපණ ශිල්පිනිය බවට පසුගියදා පත්විය. මැයි මස නිකුත් වූ පිහිනුම් ඇඳුම් සංස්කරණය වෙනුවෙන් ඇය මෙසේ පෙනී සිටියා ය.
BBC පුවත් සේවය වෙත අදහස් දක්වමින් හලිමා කියා සිටියේ “හිජාබය අඳින වෘත්තීය වශයෙන් සාර්ථක කාන්තාවන් උදාහරණයක් ලෙස දේශපාලකයින්, ව්යාපාරික කතුන්, රූපවාහිනී වාර්තාකාරිනියන් අද අපිට සමාජයේ දක්නට ලැබෙනවා. ඒ පණිවිඩයයි අපි ගෙන යා යුත්තේ,” යනුවෙනි.
එසේම මේ සඳහා ඉතාමත් හොඳ ප්රතිචාර ලැබුණු බව ද ඇය පවසා තිබේ.
කෙන්යාවේ කකුමා සරණාගත කඳවුරේ ඉපදුණු හලිමා පසුව ඇමරිකාවට සංක්රමණය වූවා ය. Sports Illustrated සඟරාව ඡායාරුප ගත යුතු ස්ථානය ලෙස තෝරාගත්තේ ද කෙන්යාව යි. වටමු නම් සුන්දර වෙරළ තිරය මේ සඳහා යොදා ගැනුණි. ඡායාරූප ශිල්පියා ලෙස යූ සායි දායකත්වය ලබා දුන්නේ ය.
“ අවුරුදු 6 දී මම හිටිය විදිය ගැන මගේ කල්පනාවට නිතරම එනවා, මේ රටේම සරණාගත කඳවුරක. කෙන්යාවටම නැවත ඇවිත් SI සඟරාව වෙනුවෙන් පෙනී සිටින්න හැකිවීම මම හිතන්නේ නැහැ මේක කාටවත් ලේසියෙන් කරන්න පුළුවන් වැඩක් කියලා.”