ගායක නලින් පෙරේරාගෙන් ඉල්ලීමක්
පාස්කු ඉරුදින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර නිසා ආරක්ෂක හේතුන් මත මෙවර වෙසක් කලාප නොපැවැත්වීමට තීරණයක් ගෙන තිබෙනවා.
කිතුණු දේවස්ථානවලට එල්ල වූ ප්රහාරවලදී කිතුණුවන්ට ශක්තියක් වෙමින් බෞද්ධ ප්‍රජාව එකට සිටි බැවින් ඔවුන්ට කෘතගුණ සැලකීමක් වශයෙන් වෙසක් පොහොය වෙනුවෙන් සෑම නිවෙසකම වෙසක් කුඩුවක් එල්ලන මෙන් හෝ පහනක් දල්වන මෙන් ගායන ශිල්පී නලින් පෙරේරා ඉල්ලා සිටියි.
“ඔවුන් අප සමග එකට හඩා වැලපුණහ.... අපගේ දේව මෙහෙයන් පවත්වන්නට ඔවුන්ගේ විහාරස්ථාන වල ඉඩ සලසා දුන්නහ... වෙසක් දන්සැල් වලට වියදම් කරන මුදල් අපගේ දේවස්ථාන පිළිසකර කිරිම වෙනුවෙන් පරිත්‍යාග කිරිමටද ඔවුන් සූදානම්ය..... ඔව්, ඒ අපේ සහෝදර බෞද්ධ ජනතාවය....
රටේත්, පොදු ජනයාගේත් ආරක්ෂාව මත මෙවර වෙසක් කලාප පැවත්වීම තහනම් කිරීමට රජය තීරණය කොට ඇත... අපට ශක්තියක් වූ බෞද්ධ ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙසත් ඔවුන්ට අවශ්‍ය මොහොතක ඔවුන් වෙනුවෙන් පෙළගැසීමට කිතුණුවන් වන අපද සූදානම් බව සංකේතවත් කිරීමටත්.. වෙසක් පොහෝ දින අපගේ නිවෙස් වලත් වෙසක් කූඩුවක් එල්ලා හෝ පහනක් දල්වා බුදු රජාණන්වහන්සෙගේ තෙමගුල සැමරීමට සහෝදර බෞද්ධ ජනතාව සමග එකතු වෙමු...!
මෙදා සැරේ වෙසක් කලාප නැති වේවි... නමුත් අපි එකතු වී අපේ නිවෙස් වල එක පහනක් හෝ දල්වා වෙසක් සිරියෙන් මුලු රටම එක වෙසක් කලාපයක් කරමු....”