2019 රාජ්‍ය ළමා චිත්‍ර උළෙලට නිර්මාණ භාර ගන්නා දින දීර්ඝ කෙරේ
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව එක්ව සංවිධාන කරනු ලබන “2019 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල” සඳහා නිර්මාණ භාර ගැනීම මැයි මස 10 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
එක් දිස්ත්‍රික්කයකින් සිතුවම් 150 බැගින් තෝරාගෙන දෙවැනි වටය සඳහා යොමු කරන අතර දෙවන වටයේ තරග දිස්ත්‍රික්ක මට්ටමින් විශේෂ වැඩමුළුවක් ද සහිතව පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ. එසේම පළමු වටයේ ජයග්‍රාහකයින් හට සහතික පත් පිරිනැමීම ද එදින සිදු වේ.
දෙවැනි වටයේ දී තෝරාගත් සිතුවම් නිර්මාණ “2019 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල”ට ඉදිරිපත් කරන අතර එහිදී ජයග්‍රහණය කරන ළමා සිතුවම් ශිල්පින් වෙත ත්‍යාග,සහතිකපත් සහ සම්මාන පිරිනැමීමට නියමිත ය.
https://mirrorarts.lk/news/5168-scaf-190502#sigProId34d3da78d6