Star Wars චුබකාට පණ දුන් රංගන ශිල්පී පීටර් මෙහෙව් දිවියෙන් සමුගනියි
ස්ටාර් වෝස් සිනමාපටවල චුබකා නම් චරිතයට පණ පෙවූ රංගන ශිල්පී පීටර් මෙහෙව් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 74 කි.
ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි සිය නිවසේ දී අප්‍රේල් 30 වැනිදා පීටර් මෙහෙව් දිවියෙන් සමුගෙන ඇති බව ඔහුගේ පවුල විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
1977 ආරම්භ ස්ටාර් වෝර්ස් සිනමාවලියේ මුල්ම චිත්‍රපට ත්‍රිත්වය සහ 2015 වසර දක්වා නිර්මාණ වූ ස්ටාර් වෝර්ස් සිනමාපටවල වූකි රණශුර චුබකාගේ චරිතයට බ්‍රිතාන්‍ය-ඇමරිකානු රංගන ශිල්පියා පණ පෙවී ය.
“ඔහු ඔහුගේ හදවත සහ ආත්මය චුබකාගේ චරිතයට මුහු කළා. එය සෑම රූප රාමුවකම දක්නට ලැබුණා,” යනුවෙන් ඔහුගේ පවුල සඳහන් කරයි.
මුල් ස්ටාර් වෝර්ස් සිනමාපටවල ලූක් ස්කයිවොකර් ලෙස රඟපෑ මාක් හැමිල් විසින් පීටර් හැඳින්වුයේ “යෝධයන්ගේත් කරුණාවන්තයා” ලෙසිනි.
“මා සිනහ ගන්වන්න කිසිදිනක අසමත් නොවූ ලොකු හදවතක් ඇති ලොකු මිනිහෙක් ඔහු.”