ලලිත් රත්නායකගේ “විෂම භාග” ඕස්ට්‍රේලියාවේ තිරගත කෙරේ
ලලිත් රත්නායකගේ නවතම සිනමා අධ්‍යක්ෂණය “විෂම භාග” මංගල දැක්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර දී පැවැත්වීමට නියමිත ය.
ඒ එළඹෙන අගෝස්තු මස 24 සහ 25 යන දෙදින සවස 2ට Astor සිනමා ශාලාවේ දී ය.
ජැක්සන් ඇන්තනි, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂිනි රත්නායක, පන්සිළු සහ පංකජ මෙහි චරිත සඳහා පණ පොවති.
ලලිත් රත්නායක තිර රචනයෙන් ද, පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් ද, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද, චාමර රුවන්තිලක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සම්පත් වන්නිආරච්චි කලා අධ්‍යක්ෂණයෙන් ද, වසන්ත පූර්ණවංශ වේශ නිරූපණයෙන් ද “විෂම භාග” සඳහා සිය දායකත්වය ලබා දී ඇත. මෙම චිත්‍රපටය නිෂ්පාදනය ශ්‍රද්ධා ෆිල්ම් විසිනි.