රිෂි කපූර් පිළිකාවෙන් නිදහස්
පිළිකා රෝගී තත්වයකින් පීඩා විඳි තමන් මේ වනවිට සම්පුර්ණ සුවය ලබා ඇති බව ප්රවීන බොලිවුඩ් රංගන ශිල්පී රිෂි කපූර් පවසනවා.
ඩෙකෑන් ක්රොනිකල් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ ඔහු මේ බව තහවුරු කර තිබෙනවා.
“මාස 8ක ප්රතිකාරය මම ආරම්භ කළේ මැයි 1 වැනිදා ඇමරිකාවේ දී. නමුත් දේව කරුණාවෙන් මම දැන් නිදහස්, ඒ කියන්නේ මම දැන් පිළිකාවෙන් තොර යි,” යනුවෙන් රිෂි පැවසුවේ ය.
කෙසේ වෙතත් නැවත සිය මව්රට බලා පැමිණීමට නම් ප්රතිකාර සියල්ල නිමා වන තුරු සිටිය යුතු බව යි ඔහු සඳහන් කරන්නේ.
“නිදහස් වීමම ලොකු දෙයක්. මගේ පවුල සහ රසිකයින් මා වෙනුවෙන් යාඥා කළ නිසයි මේ හැමදේම. මම ඒ සියලු දෙනාටම ස්තුති කරනවා.”