සියලු කලාකරුවන් වෙත නිවේදනයක්....
මේ වනවිට නිවාස ණය හෝ වාහන ලීසිං ණය ගෙවමින් සිටින කලාකරුවන් රටේ වත්මන් වාතාවරණය හේතුකොට ගෙන ආර්ථික අපහසුතාවයට පත්ව ඇතිනම් ගායක ගායිකා සංගමය වෙත දැනුම් දෙන මෙන් එහි සභාපති ඉල්ලීමක් කර තිබේ.
ගායන ශිල්පී කීර්ති පැස්කුවල් සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඒ පිළිබඳව පවසා ඇත.
“සියලු කලාකරුවන් වෙත කාරුණිකව......
ඔබ විසින් දැනට බැංකු වලින් සහ ලීසිං ආයතන වලින් හෝ වෙනත් ආයතනයකින් නිවාස ණය හෝ වාහන ලීසිං ණය ගෙවමින් සිටින කෙනෙක් නම්,
රටේ වත්මන් වාතාවරනය නිසා ඔබ ආර්ථික අපහසුතාවයකට පත්වී ඇත්නම්, ඔබේ අවශ්‍යතාවය ලිඛිතව අපට දන්වන්න. ඔබට සහනයක් සැලසීම සඳහා එම මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමට අප සූදානම්. ඔබේ අනන්‍යතාවය තහවුරු කරමින් සියලු විස්තර අපට ලියන්න. ස්තූතියි.
කීර්ති පැස්කුවල්
සභාපති
ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය
24/1, මල්වත්ත පාර, කොහුවල.”