ගාමිණිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා
ප්‍රවීන රංගන ශිල්පී අභාවප්‍රාප්ත ගාමිණි හෙට්ටිආරච්චිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සවස 4ට නාවල පොදු සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත ය.
ඔහුගේ දේහය මේ වනවිට නාවල කොස්වත්ත පිහිටි නිවසේ තැම්පත් කර තිබේ.
වේදිකාව, සිනමාව මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයකු වූ ගාමිණි හෙට්ටිආරච්චි කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (27) දින දිවියෙන් සමුගත්තේ ය.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 68කි.
සබැඳි පුවත්