“අසන්ධිමිත්තා” ගැන විද්වත් කතිකාවක් ජූලි 27 වැනිදා
CSR කලාකේත මඟින් සංවිධාන කරනු ලබන මාසික සිනමා කතිකාවේ ජූලි මස වැඩසටහන ලෙස සිනමාවේදී අශෝක හඳගමගේ “අසන්ධිමිත්තා” සිනමා කෘතිය ප්‍රදර්ශනය සහ විද්වත් කතිකාවක් ජූලි 27 වන සෙනසුරාදා සවස 1 සිට මරදාන ඩින්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
තුසිත ජයසුන්දර, අසංක සායක්කාර, ඩිල්ෂානි චතුරිකා දාබරේ, සාලිය ඉඳුරුවිතාන එදින කතිකාවට එක්වන අතර වැඩසටහන මෙහෙයවීම නුවන් ජූඩ් ලියනගේ විසිනි.
සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙහි සංවිධාන හා සම්බන්ධිකරණ සහය කෙටි චිත්‍රපට සංගමය හා ශ්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය විසිනි.
වැඩි විස්තර සඳහා 0716492399 (තිලිණ අලහකෝන්) දුරකථන අංකය අමතන්න.
එදින ඇතුල්වීම නොමිලේ.