තවමත් ප්රකාශයට පත් නොකළ කෘතියක් මෙවර බුකර් සම්මාන දීර්ඝ ලැයිස්තුවට
තවමත් ප්රකාශයට පත් කර නොතිබුන ද, ලේඛිකා මාගරට් ඇට්වුඩ්ගේ “ද හෑන්ඩ් මේඩ්ස් ටේල්” අනුබන්ධය 2019 බුකර් සම්මාන දීර්ඝ ලැයිස්තුවට නිර්දේශ ලත් කෘති 13 අතරට ඇතුලත් වී තිබේ.
“ද ටෙස්ටමන්ට්ස්” ලෙස නම් කර ඇති මෙම ග්රන්ථය සැප්තැම්බර් 10 වැනිදා එළිදැක්වීමට නියමිත අතර මුල් කෘතිය ඉහත සම්මානය සඳහා නිර්දේශ වී වසර 33 කට පසුව එය ජනගත කිරීම විශේෂත්වයකි.
එසේම බුකර් සම්මානය ඉතිහාසයේ මුල් වසර 40ක කාලය තුළ හොඳම කෘතිය ලෙස 2008 දී ජනතා සම්මානයට පාත්ර වූ “මිඩ්නයිට් චිල්ඩ්රන්” කතුවර සල්මන් රශ්ඩිගේ නවතම ග්රන්ථය ද මෙම වසරේ දීර්ඝ ලැයිස්තුවට ඇතුලත් වේ.
නයිජිරියානු ලේඛක ඔයින්කන් බ්රේත්වේට්ගේ “මයි සිස්ටර්, ද සීරියල් කිලර්” මෙවර බුකර් සම්මානය සඳහා සුදුසුකම් ලැබූ එකම කුළුඳුල් නවකතාව යි.
බුකර් සම්මානයට අවසන් නිර්දේශ ලත් කෘති 6 එළඹෙන සැප්තැම්බර් 3 වැනිදා නිවේදනය කරන අතර ජයග්රාහකයා ප්රකාශයට පත් කරනුයේ ඔක්තෝබර් 14 වැනිදා ය.
දීර්ඝ ලැයිස්තුව පහතින්,
- Margaret Atwood - The Testaments
- Kevin Barry - Night Boat To Tangier
- Oyinkan Braithwaite - My Sister, The Serial Killer
- Lucy Ellmann - Ducks, Newburyport
- Bernardine Evaristo - Girl, Woman, Other
- John Lanchester - The Wall
- Deborah Levy - The Man Who Saw Everything
- Valeria Luiselli - Lost Children Archive
- Chigozie Obioma - An Orchestra Of Minorities
- Max Porter - Lanny
- Salman Rushdie - Quichotte
- Elif Shafak - 10 Minutes 38 Seconds In This Strange World
- Jeanette Winterson - Frankissstein