වේදිකා නාට්‍ය සංවිධාන කලාවේ හතලිස් වසරක සැමරුම
වෙනුවෙන් සංවිධාන කරන “මට තාම හතළිහයි” වේදිකා නාට්‍ය දැක්ම එළඹෙන අගෝස්තු මස දී පැවැත්වීමට නියමිත ය.
ඒ අනුව වේදිකා නාට්‍ය 8ක් අගෝස්තු 19 වැනිදා සිට 25 වැනිදා දක්වා දිනපතා රාත්‍රී 7 ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත කෙරේ.
දයානන්ද ගුණවර්ධනගේ ගජමන් පුවත, හෙන්රි ජයසේනගේ කුවේණි(අධ්‍යක්ෂණය ප්‍රසන්නජිත් අබේසුරිය), ධර්මසේන පතිරාජගේ වංගගිරිය සහ ශ්‍රේෂ්ඨ බෙන්ගාලි ලේඛක රබින්ද්‍රනාත් තාගෝර්ගේ විශිෂ්ටතම කෙටි කතාවක් ඇසුරින් ගිරා පන්තිය (අධ්‍යක්ෂණය පරාක්‍රම නිරිඇල්ල), ගුණසේන ගලප්පත්තිගේ මූදූ පුත්තු (නිෂ්පාදනය සහ නව අධ්‍යක්ෂණය වෛද්‍ය දීප්ති සාගරිකා ගලප්පත්ති), ආර්.ආර්. සමරකෝන්ගේ කැලණි පාලම, සයිමන් නවගත්තේගමගේ සුදු සහ කලු, මහාචාර්ය සරච්චන්ද්‍රගේ බවකඩතුරාව එහිදී ප්‍රදර්ශනය කරනු ඇත.
ප්‍රවේශපත් අගෝස්තු 1 වැනිදා සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් වෙන්කරගත හැකි අතර වැඩි විස්තර 0777363633 දුරකථන අංකය ඔස්සේ දැනගත හැකි ය.