ඔස්කාර් සම්මානලාභී රිචර්ඩ් විලියම්ස් දිවියෙන් සමුගනියි
ඔස්කාර් සම්මානලාභී සජීවිකරණ ශිල්පී රිචර්ඩ් විලියම්ස් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 86 කි. එංගලන්තයේ බ්‍රිස්ටල් හි පිහිටි නිවසේ දී පසුගිය සිකුරාදා රිචර්ඩ් විලියම්ස් දිවියෙන් සමුගත් බව ඔහුගේ පවුල විසින් නිවේදනය කර ඇත.
1988 දී නිෂ්පාදනය කළ Who Framed Roger Rabbit නම් බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපටයේ සජීවිකරණ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කළ විලියම්ස් එම සිනමා නිර්මාණය වෙනුවෙන් ඔස්කාර් සම්මාන දෙකකින් සහ BAFTA සම්මානයකින් පිදුම් ලැබුවේ ය.
තෙවතාවක් ඔස්කාර් මෙන්ම බැෆ්ටා සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු පින්ක් පැන්තර් චිත්‍රපට දෙකක් සඳහා ද සිය දායකත්වය ලබාදුනි. එසේම හඬ නළුවකු සහ තිර රචකයකු වශයෙන් ද විලියම්ස් කටයුතු කළේ ය. ඔහුගේ පළමු සිනමාපටය “The Little Island” 1958 දී එළිදැක්වූ අතර එම සිනමාපටයට බැෆ්ටා සම්මානයක් හිමිවිය.
ඔහු සජිවිකරණ සිනමාපට 30 කට වැඩි ප්‍රමාණයක් සඳහා සිය දායකත්වය ලබා දී ඇත.