ICH ඡායා, වීඩියෝ කතන්දර කීමේ තරගයට නිර්මාණ බාර ගැනේ
ඡායාරූප සහ වීඩියෝ නිර්මාණ භාවිතයෙන් කතන්දර කීමේ තරගයක් කොරියාවේ පවත්වාගෙන යන යුනෙස්කෝවට අනුබද්ධ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සහ සංස්කෘතික උරුමයන් කළමනාකරණ ආයතනය(ICH) විසින් සංවිධාන කරනු ලබන අතර ඒ සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
1983 සහ 2001 අතර කාලය තුළ උපන් ආසියා-පැසිෆික් කලාපයේ තරුණ තරුණියන්ට පමණක් සහභාගී විය හැකි මෙම තරගාවලියට කාණ්ඩ දෙකක් යටතේ නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය.
ඒ අනුව අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් උදෙසා ක්‍රියාකාරී මෙහෙවරෙහි යෙදෙන තරුණ-තරුණියන් සහ පොදු අංශය යටතේ මේ සඳහා ඉදිරිපත් විය හැකි ය.
ඡායාරූප මාධ්‍ය සඳහා 10 සිට 15 දක්වා වූ ඉහළ විභේදන අගයකින් යුත් ඡායාරූප ද වීඩියෝ මාධ්‍ය සඳහා විනාඩි 3 සිට 5 දක්වා වූ HD හෝ ඊට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් වීඩියෝපට ද යොමු කළ යුතු ය.
නිර්මාණ ඔක්තෝබර් 15 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමට අවස්ථාව ලැබේ. ජයග්‍රාහකයින් සඳහා මුදලින් ත්‍යාග හිමිවේ.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා www.ichcap.org/mc වෙබ් අඩවියට පිවිසෙන්න.