“රොක්” නමින් රසිකයින් අතර ජනප්‍රියත්වයට පත් හොලිවුඩ් රංගන ශිල්පී ඩ්වේන් ජොන්සන් සිය දීර්ඝ කාලින පෙම්වතිය වූ ලෝරන් හෂියාන් සමඟින් යුග දිවියට පිවිස තිබේ.
මෙම සුබ ආරංචිය ඔහු රසිකයින් වෙත අද (19) දැනුම් දුන්නේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි ඡායාරූප ද පළකරමිනි.
ඒ අනුව 47 හැවිරිදි මේ රංගන ශිල්පියා විවාහ වී ඇත්තේ අගෝස්තු 18 වැනිදා හවායි හිදී ය.
34 හැවිරිදි ලෝරන් ගායිකාවක්, ගීත රචිකාවක් සහ සංගීත නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කරන්නී ය.
ඔවුන් දෙදෙනා පළමු වරට මුණගැසී තිබුණේ The Game Plan චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුරදී එනම්, 2006 දී යි. සිය පළමු බිරිඳ ඩැනී ගාෂියාගෙන් වෙන් වීමෙන් පසුව ලෝරන් සමඟින් පෙම් සබඳතාවයක් ආරම්භ කළ ඩ්වේන් ජොන්සන් තමන් ඇය හා විවාහ වීමට තීරණය කළ බව ප්‍රකාශ කළේ 2017 දී ය.