කෙටිචිත්රපට, මියුසික් වීඩියෝ,1 Min. Films, හාස්‍ය උත්පාදන වීඩියෝ තරගයට අදම අයදුම් කරන්න
කිංග්ඩම් ඔෆ් රයිගම් ආයතනය විසින් සංවිධාන කරනු ලබන “රයිගම් ටෙලීස් සම්මාන උළෙල” මෙරට රූපවාහිනී මාධ්‍යයේ සියලු අංශ ආවරණය කරමින් දක්ෂතා දක්වන කලා ශිල්පින් ඇගයීම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන ප්රමුඛ පෙලේ සම්මාන උළෙල කි.
එලෙසින්ම නිර්මාණශීලි වීඩියෝ නිර්මාණකරුවන් ඇගයීම උදෙසා ද සම්මාන උළෙලක් පැවැත්වීමට රයිගම් ආයතනය මේ වනවිට කටයුතු සුදානම් කර තිබේ. එම සම්මාන උළෙල නම් කර ඇත්තේ “රයිගම් ටෙලීස් වීඩියෝ අවෝර්ඩ්ස්” නමිනි.
ඒ සඳහා නිර්මාණ බාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව සංවිධායකයින් නිවේදනය කරයි. ඒ අනුව කෙටිචිත්රපට, මියුසික් වීඩියෝ(Original), මියුසික් වීඩියෝ(Remake), 1 Min. Films, හාස්‍ය උත්පාදන වීඩියෝ යන අංශ යටතේ වීඩියෝ ඉදිරිපත් කිරීමට ඔබට අවස්ථාව හිමිවේ.
එහිදී මියුසික් වීඩියෝ(Original) අංශයෙන් විශිෂ්ටතම මියුසික් වීඩියෝව, විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණය, විශිෂ්ටතම ගීත ගායනය, විශිෂ්ටතම ගීත රචනය, ජනප්‍රියතම මියුසික් වීඩියෝව, මියුසික් වීඩියෝ(Remake) අංශයෙන් විශිෂ්ටතම මියුසික් වීඩියෝව, විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණය, විශිෂ්ටතම ගීත ගායනය, ජනප්‍රියතම මියුසික් වීඩියෝව, කෙටි චිත්‍රපට අංශයෙන් විශිෂ්ටතම කෙටි චිත්‍රපටය, විශිෂ්ටතම කෙටි චිත්‍රපට නළුවා, විශිෂ්ටතම කෙටි චිත්‍රපට නිළිය, විශිෂ්ටතම කෙටි චිත්‍රපට වීඩියෝකරණය, විශිෂ්ටතම කෙටි චිත්‍රපට පිටපත, ජනප්‍රියතම කෙටි චිත්‍රපටය, 1 Min. Film අංශයෙන් නිර්මාණාත්මක 1 min චිත්‍රපටය, ජනප්‍රියතම 1 min චිත්‍රපටය, , හාස්‍ය උත්පාදන වීඩියෝ අංශයෙන් විශිෂ්ටතම හාස්‍ය උත්පාදන වීඩියෝව, ජනප්‍රියතම හාස්‍ය උත්පාදන වීඩියෝව මැයෙන් සම්මාන කාණ්ඩ 19ක් යටතේ නිර්මාණකරුවන් ඇගයීමට ලක් කෙරේ.
ඔක්තෝබර් 31 වැනිදාට පෙර නිර්මාණ බාර දිය යුතු අතර සම්මාන උළෙල එළඹෙන දෙසැම්බර් 20 වැනිදා පැවැත්වීමට නියමිත ය.
අයදුම්පත් මෙතැනින් බාගත කරගන්න