“මැලේරියා වසංගතයට ගොදුරුව මරණයේ එලිපත්තෙහි සිටි ජනතාවක් වෙනුවෙන් නවසිය තිස් ගණන්වල මුල් භාගේදී රුවන්වැල්ලට ගිය ඇන්.ඇම්. පෙරේරා වසංගතයට වගේම, හිත පිත් නැති රදල බලයට එරෙහිව මහ සටනක බර කරට ගත්තා. පිලිප්, කුසුමා, ලෙස්ලි,විවියන් ගුණවර්ධනලා, කොල්වින්, කෙනමන්, දොස්තර වික්රීමසිංහ, බර්නාඩ් සොයිසා, හෙක්ටර් අබේවර්ධන වගේම සෙලිනා පෙරේරා ඇතුලු මානවහිතවාදීන් මියෙන තුරුම ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. කාගෙද අඩුපාඩු නැත්තේ?
ඩී.එස් සේනානායකගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා රට පාලනය වුණු හැටියි, විජේවීරලා, ප්රාභාකරන්ලා එක කාසියෙ දෙපැත්ත වෙච්ච හැටියි
එහෙම වෙන්න බලපෑ කරුණු කාරණයි
චෙල්වනායගම්, අමිර්තලිංගම්, පොන්නම්බලම් මේ මාර්ගයේ ගමන් කළ ආකාරයයි
කින්නරී,සුන්දරා,කොයින්,තුන්කල්, බොස්සැල්ලේ හාමුදුරුවො, ,සින්දු ධර්මේ, සකලසුරිය, ඩිංගිරි, ලීලා අප්පෝ, කොර සාමී,මඩපාත උන්නැහේ, ජයවර්දන ඉස්කෝලේ මහත්තයා පරම්පරාවෙන් පරම්පරාවට නිධානය හොයාගෙන යන දුෂ්කර ගමන් මාර්ගයයි
දියසේන කුමාරයා මේ අපේ මාතෘ භුමියේ උපදින්න පැකිලෙන කරුණු කාරණයි”
ප්රවීන ලේඛිකා සුමිත්රා රාහුබද්ධ ලියූ නවතම නවකතාව “තම්මැන්නා” ළඟදීම එළිදකියි.....