ලොව ඉහළම ආදායම් ලබන රංගන ශිල්පින් අතර මුල් තැන “ඩ්වේන් ජොන්සන්ට”
මෙම වසරේ ලොව ඉහළම ආදායම් ලැබූ රංගන ශිල්පින් අතර පෙරමුණ ගැනීමට ජනප්‍රිය හොලිවුඩ් නළු ඩ්වේන් ජොන්සන් (රොක්) සමත්ව තිබේ.
ෆෝබ්ස් සඟරාව විසින් පසුගියදා නිකුත් කළ නවතම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔහු 2019 දී ඉපැයූ ඩොලර් මිලියන 89.4 ක ආදායම ඊට පෙර වසරේ දී එනම්, 2018 දී ලැබූ ඩොලර් මිලියන 119 ක ආදායමට වඩා පහළ අගයක් ගනී. කෙසේ නමුත් 2018 වසරේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ සිටි ඩ්වේන් තවත් අඩියක් ඉහළට තබමින් 2019 වසරේ ලොව වැඩිම ආදායමක් ලබන රංගන ශිල්පියා ලෙසින් වාර්තා අතරට එක්ව සිටියි.
එසේම 2018 වසරේ එම ලැයිස්තුවේ පෙරමුණ ගත් රංගන ශිල්පී ජෝර්ජ් ක්ලුනි නවතම ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයෙනුත් පල්ලම් බැස තිබේ. බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් මෙවර වාර්තාවල සිව්වැනි ස්ථානය තෙක් පැමිණ තිබීම විශේෂත්වයකි.
රංගනයෙන් උපයන ආදායම් පමණක් නොව රංගන ශිල්පින් ලබන සමස්ත ආදායම මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබයි.
ලොව වැඩිම ආදායම් ලබන රංගන ශිල්පිනියන්ගේ වාර්ෂික වාර්තාව එළඹෙන සිකුරාදා දින එළිදැක්වීමට නියමිත ය.
ෆෝබ්ස් ලොව වැඩිම ආදායම් ලබන රංගන ශිල්පින් 2019
ඩ්වේන් ජොන්සන් - ඩොලර් මිලියන 89.4
ක්‍රිස් හෙම්ස්වර්ත් - ඩොලර් මිලියන 76.4
රොබර්ට් ඩවුනි - ඩොලර් මිලියන 66
අක්ෂේ කුමාර් - ඩොලර් මිලියන 65
ජැකී චෑන් - ඩොලර් මිලියන 58
බ්රැඩ්ලි කූපර් - ඩොලර් මිලියන 57
ඇඩම් සැන්ඩ්ලර් - ඩොලර් මිලියන 57
ක්‍රිස් එවන්ස් - ඩොලර් මිලියන 43
පෝල් රඩ් - ඩොලර් මිලියන 41
විල් ස්මිත් - ඩොලර් මිලියන 35