විජයබා කොල්ලය නැවත මුද්‍රණය වෙයි
මේ දිනවල තිරගත වන මහාචාර්ය සුනිල් ආරියරත්නගේ විජයබා කොල්ලය සිනමාපටයට පාදක වූ විජයබා කොල්ලය නවකතාව නව මුද්‍රණයෙන් යුතුව ඉකුත් දා එළි දැක්විණ.
සාහිත්‍ය චක්‍රවර්ති යන විරුදාවලිය ලද ඩබ්ලිව්. ඒ. සිල්වා සූරීන්ගේ රචනයක් වූ ‘විජයබා කොල්ලය’ 1938 වසරේදී මුල්වරට නිකුත් විය. එය සාහිත්‍ය ලොව වර්ණවත් කළ කෘතියකි. නවකතාවේ මුල් පිටපත අනුව සැකසුණු අලුත්ම මුද්‍රණය වත්මන් පාඨකයාගේ ද රසිකත්වය පුබුදුවාලනු පිණිස පසුගියදා සරසවි ප්රකාශනයක් ලෙසින් ජනගත කෙරිණි.
16 වැනි සියවසේ කෝට්ටේ රාජධානිය හා පරංගි ආගමනය කේන්ද්‍ර කරගෙන ලියැවුණු මෙම කතාවට ජීව ගුණය එක් කරන්නේ අසංග, නීලමණී හා නයනානන්ද යන චරිත තුනයි. මෙය තුන්කොන් ප්‍රේම කතාවකි.
උපුටා ගැන්ම- සරසවිය