“ප්‍රියංකා නෙරපන්න” පකිස්ථානය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි
න්‍යෂ්ටික අවි තාක්ෂණයෙන් සන්නද්ධ අසල්වැසි රාජ්‍යයන් දෙකක් වන ඉන්දියාව සහ පකිස්ථානය අතර යුද උණුසුම ඉහළ ගොස් ඇති අවස්ථාවක ඊට උඩගෙඩි දීමට කටයුතු කිරීම නිසා බොලිවුඩ් රංගන ශිල්පිනි ප්‍රියංකා චොප්රා එක්සත් ජාතීන්ගේ තානාපති කටයුතුවලින් ඉවත් කරන මෙන් පකිස්ථාන රජය ඉල්ලීමක් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ප්‍රධානි හෙන්රියාටා ෆොරි වෙත නිළ පැමිණිල්ලක් යොමු කරමින් පකිස්ථාන මානව හිමිකම් කටයුතු පිළිබඳ අමාත්‍ය ෂිරින් මසාරී මෙම ඉල්ලීම සිදු කර ඇත.
හිටපු ලෝක රූ රැජිනක වන 37 හැවිරිදි ඉන්දීය නිළි ප්‍රියංකා, ඉන්දීය පාලිත කාශ්මීරය තුළ අගමැති නරේන්ද්‍ර මෝඩිගේ හින්දු ජාතිකවාදී රජය විසින් ගෙන යන වැඩ පිළිවෙල ප්‍රසිද්ධියේ අනුමත කරන බවට එ මඟින් චෝදනා එල්ල කර ඇත.
2010 දී සහ 2016 දී UNICEF තානාපතිවරියක ලෙස පත්වූ ප්‍රියංකා, පසුගිය පෙබරවාරි මස ඉන්දීය පකිස්ථාන ගැටුම් උත්සන්න වී තිබු අවස්ථාවක “ඉන්දියාව දිනේවා!” යනුවෙන් සඳහන් සටහනක් සිය ට්විටර් සමාජ ජාල ගිණුමෙහි පළ කිරීම මෙම චෝදනා එල්ල කිරීමට මුල් වූ කරුණ වේ.