යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සැප්තැම්බර් 3 ඇරඹේ
5 වැනි යාපනය අන්තර්ජාතික සිනමා උළෙල එළඹෙන සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
සැප්තැම්බර් 9 වැනිදා තෙක් දින හතක් පුරා පැවැත්වෙන උළෙලේ සමාරම්භක සිනමාපටය ලෙසින් ප්‍රදර්ශනය කෙරෙන්නේ ක්‍රිස්ටියන් පෙට්සෝල්ඩ්ගේ “ට්‍රාන්සිට්” සිනමාපටය යි. සමාප්ති චිත්‍රපටය ලෙසින් විසාකේස චන්ද්‍රසේකරම්ගේ “පාංශු” සිනමාපටය තිරගත කෙරේ.
බ්‍රිතාන්‍ය රංගන ශිල්පිනියක මෙන්ම තිර රචිකාවක වන හෙලන් බ්ලේක්මන් සහ මෙරට ප්‍රවීන සිනමා අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ විසින් එහිදී වැඩමුළු පැවැත්වීමට නියමිත බව සංවිධායකයෝ දැනුම් දෙති.
යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ තරග කරන චිත්‍රපට පිළිබඳව ඉදිරියේ දී දැනුම් දීමට නියමිත යි.