විසාකේසගේ “පාංශු” ජාත්‍යන්තර සිනමා උළෙල 6කට..
විසාකේස චන්ද්‍රසේකරම්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වන “පාංශු” ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සිනමා උළෙලවල් 6 කට තේරී පත් වී තිබේ.
රුසියාවේ සඛාලින් ජාත්‍යන්තර සිනමා උළෙල, සිංගප්පූරුවේ දකුනු ආසියාතික සිනමා උළෙල (තරඟකාරී අංශය), ශ්‍රී ලංකාවේ යාපන ජාත්‍යන්තර සිනමා උළෙල, අමෙරිකා එක්සත් ජනපදයේ ගෝල්ඩන් ඩෝර් ජාත්‍යන්තර සිනමා උළෙල (තරඟකාරී අංශය), ඉතාලියේ 22 වන රිලිජන්ස් ටුඩේ ජාත්‍යන්තර සිනමා උළෙල (තරඟකාරී අංශය) සහ ඉන්දියාවේ ගුවාතී ජාත්‍යන්තර සිනමා උළෙල “පාංශු” සුදුසුකම් ලැබූ සම්මාන උළෙලවල් වේ.
ඒ අනුව “පාංශු” සිනමා උළෙලවලදී තිරගත කෙරෙන කාලසටහන පහත පරිදි ය,
සඛාලින් ජාත්‍යන්තර සිනමා උළෙල - අගෝස්තු 23 සහ 25
සිංගප්පූරු දකුනු ආසියාතික සිනමා උළෙල - සැප්තැම්බර් 5 වැනිදා සවස 5 ට (සුනටෙක් සිනමා ශාලාවේ දී)
ශ්‍රී ලංකාවේ යාපන ජාත්‍යන්තර සිනමා උළෙලේ සමාප්ති චිත්‍රපටය ලෙසින් - සැප්තැම්බර් 9 වැනිදා
අමෙරිකා එක්සත් ජනපදයේ ගෝල්ඩන් ඩෝර් ජාත්‍යන්තර සිනමා උළෙල- සැප්තැම්බර් 21 (මැක් මහොන් හිදී)
ඉතාලියේ 22 වන රිලිජන්ස් ටුඩේ ජාත්‍යන්තර සිනමා උළෙල - ඔක්තෝබර් මස දී
ඉන්දියාවේ ගුවාතී ජාත්‍යන්තර සිනමා උළෙල - ඔක්තෝබර් මස දී