ලොව ඉහළම ආදායම් ලබන නිළියන් අතර මුල් තැන මෙවරත් “ස්කාලට් ජොන්සන්”ට
ලොව ඉහළම ආදායමක් ලබන රංගන ශිල්පිනියන් අතර පෙරමුණ ගැනීමට මෙවරත් හොලිවුඩ් නිළි ස්කාලට් ජොන්සන් සමත්ව තිබේ.
ෆෝබ්ස් සඟරාව විසින් පසුගියදා එළිදැක්වූ 2019 වසර සඳහා වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඇයට මුල් තැන හිමිවී ඇත.
කෙසේ වෙතත්, 34 හැවිරිදි ස්කාලට් ලැබූ ඩොලර් මිලියන 56 ක සමස්ත ආදායම 2019 වැඩිම ආදායමක් ලැබූ රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවේ 7 වැනි ස්ථානයේ පසුවන ඇඩම් සැන්ඩ්ලර්ගේ ආදායමටත් වඩා පහළ අගයක් ගනියි.
ඇවෙන්ජර්ස් : එන්ඩ්ගේම් සිනමාපටය අත්කරගත් සාර්ථකත්වයට හේතු වන්නට 2018 වසරේ දී ලැබූ ආදායමට සාපේක්ෂව ඩොලර් මිලියන 15.5 වැඩි ආදායමක් ලැබීමට “බ්ලැක් විඩෝ” චරිතයට පණ දුන් ස්කාල්ට්ට මෙම වසරේ දී හැකි වී ඇත.
2019 ෆෝබ්ස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන්නේ “මොඩර්න් ෆැමිලි” ටෙලි මාලාවේ රංගන ශිල්පිනි සොෆියා වර්ගාරා ය.
එසේම, හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලි මෙම වසරේ ඉහළම ආදායම් ලබන රංගන ශිල්පිනියන් දස දෙනා අතරට පැමිණ නැත. මිලා කුනිස්, ජුලියා රොබර්ට්ස්, කේට් බ්ලොන්ශේ, මෙලිසා මැකාර්ති සහ ගාල් ගඩොට් ඒ අතරට නොපැමිණි සෙසු රංගන ශිල්පිනියන් ය.
ෆෝබ්ස් ලොව වැඩිම ආදායම් ලබන රංගන ශිල්පිනියන් 2019
ස්කාල්ට් ජොන්සන් - ඩොලර් මිලියන 56
සොෆියා වර්ගාරා - ඩොලර් මිලියන 44.1
රීස් විතර්ස්පූන් - ඩොලර් මිලියන 35
නිකොල් කිඩ්මන් - ඩොලර් මිලියන 34
ජෙනිෆර් ඇනිස්ටන් - ඩොලර් මිලියන 28
කයිලි කුකෝ - ඩොලර් මිලියන 25
එලිසබෙත් මෝස් - ඩොලර් මිලියන 24
මාර්ගට් රොබි - ඩොලර් මිලියන 23.5
චාලයිස් තෙරෝන් - ඩොලර් මිලියන 23
එලන් පොම්පියෝ - ඩොලර් මිලියන 22
සබැඳි පුවත් :
ෆෝබ්ස් ලොව වැඩිම ආදායම් ලබන රංගන ශිල්පින් 2019