ෆාතිමා ශනාස්ගේ “Hope” ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකට
ෆාතිමා ශනාස් විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද “Hope” කෙටි චිත්‍රපටය බංග්ලාදේශ ගෝලීය යෞවන සිනමා උළෙල 2019 (GYFF) සඳහා නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.
ඒ අනුව මෙම සිනමාපටය උළෙලේ ජාත්‍යන්තර කෙටි චිත්‍රපට තරග අංශය යටතේ තරග වදිනු ඇත. වාර්ෂිකව සංවිධාන කරන GYFF උළෙල සැප්තැම්බර් 5 වැනිදා සිට 7 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත ය.
“Hope” චිත්‍රපටය මෙ වසර මුලදී බෙංගාල ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙල නියෝජනය කිරීමට ද අවස්ථාව හිමි කරගෙන තිබුණි.
හර්ෂි රසංගා, A. උමා, කලයි චෙල්වම්, අනිල් k. විජේසිංහ රංගන දායකත්වය සපයා ඇති Hope හි කැමරා අධ්‍යක්ෂණය විරාජ් ලියනාරච්චි, සංස්කරණය සංඛ මල්වත්ත, නිෂ්පාදන කළමනාකරණය තමීර මංජු, සහාය අධ්‍යක්ෂණය ඉඳුවර අර්ථනායක, පසන් කස්තුරි සහ සංගීතය රචික ද සිල්වා අතින් නිම වී ඇත. නිෂ්පාදනය අනෝමා රාජකරුණා විසිනි.