“විෂම භාග” චිත්‍රපටයට උණුසුම් ප්‍රතිචාර
ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන “විෂම භාග” සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඇස්ටර් තියටර් නම් සිනමා ශාලාවේ දී පැවැත්වුණි.
අගෝස්තු 24 සහ 25 දෙදින පැවති මංගල දර්ශනවලදී, චිත්‍රපටයට උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී තිබුණි.
සිනමාපටය සඳහා රංගන දායකත්වය ලබාදුන් නළු, නිළියන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වී තිබුණු අතර ඊයේ (28) දිනයේ දී ඔවුන් නැවතත් මෙරටට පැමිණෙන ලදී.
ජැක්සන්ගේ ප්‍රථම ජාත්‍යන්තර සම්මාන
“විෂම භාග” සිනමාපටයේ දැක්වූ රංගන කුසලතාවය උදෙසා රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි විදෙස් සිනමා උළෙල දෙකකදී හොඳම සහාය නළුවා ලෙසින් ඇගයීමට ලක් විය.
ඒ පිලිපීනයේ පැවැත්වෙන ආසියානු සිනමා සම්මාන (Asian Cinematography Award) උළෙල සහ භූතානයේ පැවැත්වෙන ඩ්‍රක් සිනමා උළෙලවල(Druk International Film Festival) දී ය.
මේ ඔහු නැවතත් මෙරටට පැමිණි අවස්ථාවයි,
ඒ අනුව ආසියානු සිනමා සම්මාන උළෙලේ ජූලි කාණ්ඩයේ ජයග්‍රාහකයන් අතරට එක්වෙමින් හොඳම වෘතාන්ත සිනමාපටය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම සහාය නළුවා යන සම්මානත් ඩ්‍රක් සිනමා උළෙලේ ජූලි කාණ්ඩයේ ජයග්‍රාහකයන් අතරට එක්වෙමින් ප්‍රථම සිනමාකරණය, හොඳම අධ්‍යාපනික චිත්‍රපටය සහ හොඳම සහාය නළුවා යන සම්මානත් තමන් සතු කරගැනීමට “විෂම භාග” සිනමාපටය සමත් විය.
ජැක්සන් ඇන්තනි, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂිනි රත්නායක, පන්සිළු සහ පංකජ රංගනයෙන් දායකත්වය සැපයු විෂම භාග සිනමා සිත්තම සඳහා ලලිත් රත්නායක තිර රචනයෙන් ද, පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් ද, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද, චාමර රුවන්තිලක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සම්පත් වන්නිආරච්චි කලා අධ්‍යක්ෂණයෙන් ද, වසන්ත පූර්ණවංශ වේශ නිරූපණයෙන් ද සිය දායකත්වය ලබා දී ඇත. මෙම චිත්‍රපටය නිෂ්පාදනය ශ්‍රද්ධා ෆිල්ම් විසිනි.