ජාතික යොවුන් නාට්‍ය උළෙල ඇරඹෙයි
හතළිස් වැනි ජාතික යෞවන සම්මාන උළෙලට සමගාමිව පවත්වන ජාතික යොවුන් නාට්‍ය උලෙළ 2019 මෙම මස 29 සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා මරදාන ටවර් රංග ශාලාවේදී පැවැත් වේ.
උළෙල පැවැත්වෙන සෑම දිනකම සවස 6.30 ට නාට්‍ය වේදිකා ගතකරනු ඇත.
නාට්‍ය රංගගත කෙරෙන කාලසටහන පහතින්,
අගෝස්තු 29 වැනිදා - අසංක ගුරුසිංහගේ ප්‍රේමයේ නගරය (දිගු)
අගෝස්තු 30 වැනිදා - නිලංක නිසලාංජලගේ අතරමැදියා (දිගු)
අගෝස්තු 31වැනිදා - සඳුන් ප්‍රසාද් අබේකෝන්ගේ ඇවිත් බලන්න (කෙටි)
අප්පාල් පෙයුම් මාලෙයි (දමිළ කෙටි)
මුදිත පියුම්හරගේ නග්නදේව (කෙටි)
ලසන්ත රත්නායකගේ ඩොලර් හීන (කෙටි)
සැප්තැම්බර් 01වැනිදා - මධුරංග ශ්රිලාල්ගේ ආදරණීය මරණයක් (දිගු)
සැප්තැම්බර් 02 වැනිදා - සචිත්ර අනුපමගේ කැපතං (කෙටි)
තෝක්කි (දමිල කෙටි)
භානු සුතරකගේ සෙකන්ඩ් රවුන්ඩ් ඔෆ් ද රියැලිටි (කෙටි)
සුරේෂ් මධුශාන්තගේ පොත්ගුල (කෙටි)
සැප්තැම්බර් 03 වැනිදා - සනත් කරුණාරත්නගේ සොභාවික වෙඩි තැබීමක්
සැප්තැම්බර් 04 වැනිදා - සහන් අංජනගේ ඩාක් කලර් (කෙටි)
පාල් (දමිළ කෙටි)
දේදුනු සංගීතාගේ ෆීමේල් (කෙටි)
එච්. එම්. දිල්ශාන්ගේ පාද චාරිකාවෝ (කෙටි)
සැප්තැම්බර් 05 වැනිදා - ලහිරු ප්‍රසාද් බන්දුලගේ බ්‍රේන් වොෂ් (දිගු)
සැප්තැම්බර් 06 වැනිදා - සඳුන් ලක්ෂාන්ගේ නයිට් ඩියුටි
තලෙයි ඉල්ලා සිලෙයි (දමිළ කෙටි)
කේ. එම්. ඉෂාන්ගේ ද ස්මෙල් (කෙටි)
එස්. ඒ. සුභාවිතගේ මාව කන්න
සැප්තැම්බර් 07 වැනිදා - දමින්ද ප්‍රසාද්ගේ සෆාරියක් සහ සවාරියක් (දිගු)
සැප්තැම්බර් 08 වැනිදා - සමන් ලියනාරවිගේ මනෝ මාළිගා
ඇතුල්වීම නොමිලේ.