මෙවර යාපන සිනමා උළෙලේ තරග වදින කෙටිචිත්රපට මෙන්න
5 වැනි වරට සංවිධාන කරන මෙවර යාපනය අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ තරගකාරී අංශය යටතේ කෙටි චිත්රපට කාණ්ඩය නියෝජනය කරන ශ්රී ලාංකේය සහ විදෙස් චිත්රපට ප්රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සම්මාන උදෙසා සුදුසුකම් ලත් ශ්රී ලාංකික සිනමාපට නම්,
ඩීමන් ජෝන්ගේ “Waves Interrupted”- 2018
රන්දී පවිත්රා කළුආරච්චිගේ “Bless This Home” -2018
චතුර ප්රනාන්දුගේ “One Blood”-2019
මහසෙන් කලහේගේ “Walv”- 2017
රාහුල ජයසේකරගේ “Black Money”- 2018
බවනීදා ලෝගනාදන්ගේ “Generations”- 2018
අයේෂා සුරවීරගේ “Inside”- 2018
චන්දන ප්රසන්නගේ “A Democratic Proposal”- 2019
දිනොශ්වරන් ආර්.ගේ “Suvanam”- 2018
සසි බාලසිංහම්ගේ “Don’t Open Your Eyes”- 2018
කැලුම් කළුහැන්නදීගේ “Charisma of God”- 2017
වනිත සේනාදිරාජාගේ “The Ruins”- 2018
උළෙල පැවැත්වෙන සෑම දිනකම උදැසන 9 සිට 10 දක්වාත් සවස 5.45 සිට 6.45 දක්වාත් “කෙටිචිත්රපට පැය” පැවැත්වේ.
එහිදී තිරගත කෙරෙන කෙටිචිත්රපට අතුරින් තමන්ගේ සිත් ගත් කෙටිචිත්රපටයට මනාපය පළ කිරීමේ අවස්ථාව ප්රේක්ෂකාගාරයට හිමිවේ. ඒ අනුව වැඩිම මනාප ලත් සිනමාපටයට ප්රේක්ෂකාගාර සම්මානය පිරිනැමේ.
යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සැප්තැම්බර් 3 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.