ප්‍රවීන කලාකරු පියසාර ශිල්පාධිපති අභාවප්‍රාප්ත වෙයි
මෙරට විශිෂ්ට බෙර වාදන ශිල්පියකු වූ ප්‍රවීන කලාකරු පියසාර ශිල්පාධිපති අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 75 වැනි වියේ පසුවූ ඔහු දේශීය බෙර වාදනය ලෝකයට හඳුන්වාදීමෙහි ලා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ කලාකරුවෙකි.
කොළඹ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ පියසාර ශිල්පාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද කලක් සේවය කළේය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුවට දැනුම් දෙනු ලැබේ.